අක්‍රීය වූ නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය යළි පණ ගැන්වීමත් සමග මේ වන විට මෙගාවොට් 100ක ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කර තිබෙනවා.
අක්‍රීයව පැවති මෙගාවොට් 270ක ධාරිතාවකින් යුත් මෙම ජනන යන්ත්‍රය පසුගිය 31 වන දා යළි ජාතික විදුලිබල පද්ධතියට එක්කළ නමුත් එදිනම එය යළි බිඳ වැටුණා.
පසුව නැවත එය යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුව ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට යළිත් එහි ජනන කටයුතු ආරම්භ කළේ.
මේ අතර, ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කළේ කැළණිතිස්ස විදුලි බලාගාරයේ ජනන කටයුතු සඳහා අවශ්‍ය ඩීසල් පවතින්නේ අද (02) දිනය දක්වා පමණක් බවයි.
