ජිවිත රැසක් අනුනමයෙන් බේරුණු රිය අනතුර (VIDEO)

February 2, 2022 at 11:50 AM

කහතුඩුව, පොල්ගස්ඕවිට හන්දියේ දී සිමෙන්ති පටවාගෙන පැමිණෙමින් තිබූ තිබු ලොරි රථයක් යතුරුපැදියක, ත්‍රිරෝද රථයක හා මෝටර් රථයක ගැටීමෙන් අනතුරට පත්ව තිබෙනවා.

පසුව විදුලි උපාංග අලෙවි කරන වෙළෙඳ මධ්‍යස්ථානයක් තුළට කඩා වැදීමෙන් ලොරි රථය නතර වී ඇතැයි කහතුඩුව පොලීසිය සඳහන් කර සිටියේ. අනතුරින් යතුරු පැදිකරු හා ත්‍රිරෝද රථ රියදුරු තුවාල ලබා රෝහල් ගත කර ඇත.

පිළියන්දල දෙස සිට මත්තෙගොඩ දෙසට ධාවනය වෙමින් තිබියදී තිරිංග අක්‍රිය වීම හේතුවෙන් එම අනතුර සිදුවී ඇතැයි පොලීසිය පැවසුවේ. අනතුරින් වෙළෙඳසැලට විශාල හානියක් සිදුව ඇති අතර යතුරුපැදියට හා ත්‍රිරෝද රථයට ද බරපතළ හානි සිදුව තිබේ.

ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කහතුඩුව පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබන අතර එම අනතුර සිදුවන අයුරු මෙලෙස CCTV කැමරාවක සටහන්ව තිබුණා.