කොවිඩ් ආසාදිතව පාසැල් සිසුවියක් මියයයි

January 31, 2022 at 7:17 AM

නාත්තන්ඩිය ධම්මිස්සර ජාතික පාසලේ 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ සිසුවියක ‘කොරෝනා’ වෛරසය ආසාදනය වීමෙන් මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව එම රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

මෙසේ මියගොස් ඇත්තේ නාත්තන්ඩිය තබ්බෝව ප්‍රදේශයේ පදිංචිව සිටි බී. එම්. ටී. මනීෂා කුමාරි ප්‍රනාන්දු නැමැති සිසුවියෙකි.

මෙම සිසුවිය පසුගිය 28 වැනිදා පාසල් ගොස් නිවසට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුරු වී මාරවිල රෝහලේ දැඩි සත්කාර ඒකකට අුැතුළත්ව ප්‍රතිකාර බමින් සිටියදී මිගොස් ඇත.

මෙම සිසුවියට ‘කොරෝනා’ වෛරසය ආසාදනය වී ඇති බව සිදුකළ පරීක්‍ෂණවලින් තහවුරු වූ බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටියේ.