ලංකාවට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන්ට දැනුම් දීමක්

January 27, 2022 at 4:56 PM

කොවිඩ් ව්‍යාප්තිය හමුවේ විදෙස් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙනවා.

එම මාර්ගෝපදේශ මාලාව අනුව මෙරටට පැමිණෙන විදෙස් ගමන් බලපත්‍ර හිමියන් ඩොලර් 50,000ක රක්ෂණාවරණයක් ලබාගත යුතු වන අතර මෙරට සිටින කාලය තුළදී කොවිඩ් ආසාදනය වුවහොත් රෝහල්ගතවීමට දැරීමට සිදුවන වියදම් ඉන් ආවරණය විය යුතු බව එහි සඳහන්.

මෙම නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වේ.