ඩිල්රුවන් ක්‍රිකට් පිටියෙන් සමුගනියි

January 26, 2022 at 12:55 PM

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ දෙවැනි ඉහළතම කඩුලු ලාභී පිට දඟ පන්දුයවන්නා වන ඩිල්රුවන් පෙරේරා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිපියක් මගින් දැනුම්දී තිබෙනවා.

තුන් ඉරියව් ක්‍රීඩක 39 හැවිරිදි ඩිල්රුවන් මේ වන විට ටෙස්ට් තරග 43 කදී කඩුලු 161 ක් දවාගැනීමට සමත්ව සිටින අතර ඔහු අර්ධ ශතක 7 ක් සමගින් ලකුණු 1,303 ක් රැස්කිරීමට ද සමත්ව සිටියි.

ඩිල්රුවන් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිටියේ සහ දේශීය ක්‍රිකට් පිටියේ වාර්තා රැසකට ද හිමිකම් කියනු ලබනවා.

ඩිල්රුවන් පසුගිය වසරේ (2021) ජනවාරි මස එංගලන්තයට එරෙහිව ගාල්ලේදී අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගයට සහභාගි විය.