රටේ කොවිඩ් ආසාදිතයිගෙන් 95% කට ඔමික්‍රෝන්

January 25, 2022 at 10:39 AM

ශ්‍රී ලංකාවෙන් මේ වනවිට වාර්තා වන කෝවිඩ්-19 රෝගීන්ගෙන් 95%කට අධික පිරිසක් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදිතවූවන් වන බවට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය විසින් සිදු කරන ලද ජාන විශ්ලේෂණ වාර්තා සනාථ කර ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව ප්‍රකාශ කර සිටිනවා.

වාර්තාවන කෝවිඩ් ආසාදිතයන්ගේ ශීඝ්‍ර ඉහළ යෑමක් පසුගිය දින කිහිපය තුළදී සිදුව ඇති බවත් ඒ අනුව ඊට ඔමික්‍රෝන් ප්‍රභේදය හේතුවී ඇති බවට සෞඛ්‍ය අංශ සැකකරන බවයි.

ඒ අනුව කෝවිඩ් වෛරසයෙන් දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමටත් එසේම කෝවිඩ් ආසාදනයෙන් ඇතිවන සංකූලතා හා සිදුවන මරණ අවම කර ගැනීමට සියලු දෙනා කඩිනමින් කෝවිඩ් මර්දන එන්නතෙහි බූස්ටර් මාත්‍රාව ලබා ගැනීමටත් කටයුතු කරන ලෙසත් අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේ.