තවත් මන්ත්‍රීවරයෙකුට කොවිඩ් ආසාදනය වෙයි

January 20, 2022 at 6:48 PM

දෙමළ ජාතික සන්ධානයේ මඩකලපුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාණක්කියා රාජපුත්තිරන් රාසමාණික්කම් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබෙනවා.

මන්ත්‍රීවරයා විසින් මේ බව සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සඳහන් කර ඇති අතර තමාව පසුගිය දින කිහිපයේදී හමුවූ පුද්ගලයින් සිටිනම් ඔවුන්ට මේ සම්බන්ධයෙන් සැලකිලිමත් වන ලෙසටද ඉල්ලා තිබෙනවා.