සහල් ගෙන්වූ තරම ඇමති බන්දුල කියයි

January 17, 2022 at 4:31 PM

මෙම වසරේ අලුත් අවුරුදු සමය වන විට පාරිභෝගිකයාට සහල් කිලෝවක් රු.300/= ඉක්මවා අළෙවි කිරීම සඳහා පොළොන්නරුව මෝල් හිමියන් විසින් සැලසුම් සකස් කරමින් සිටින අතරතුරදී පාරිභෝගිකයා සුරක්ෂිත කිරීමේ පියවරක් වශයෙන්   සහල් ආනයනය කරන ලද බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.

යහපාලන රජය සමයේ සහල් ආනයන ප්‍රමාණය ද මෙහිදී  අමාත්‍යවරයා හෙළිකලේය.

2014 සහල් මෙට්‍රික් ටොන් 600,000ක්, 2015 දී මෙ‌ට්‍රික් ටොන් 286,000ක්

2016 දී මෙ‌ට්‍රික් ටොන් 29,000ක්

2017දී මෙ‌ට්‍රික් ටොන් 745,000ක්

2018 දී මෙ‌ට්‍රික් ටොන් 249,000ක් වශයෙන් සහල් ආනයනය කර ඇති බව ඔහු පවසයි

නමුත් මෙම රජය බලයට පත් වීමෙන් පසුව 2020 වර්ෂයේ දී සහල් මෙට්‍රික් ටොන් 16,000ක් පමණක් ආනයනය කරනු ලැබූ බවත් එම ආනයනය කිරීම හුදෙක්ම සහල් මාෆියාව විසින් පාරිභෝගිකයා සූරා කෑම වළක්වා ලීමේ පියවරක් පමණක් වූ බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කරන ලදී.

විවිධ බාහිර බලවේග හා සහල් මාෆියාව ට කිසිදු ඉඩක් ලබා නො දී ආනයනය කරනු ලබන මෙම සහල්, ලංකා සතොස අළෙවිසැල් ජාලය හරහා සහතික මිළකට පාරිභෝගිකයාට ලබා දීමට කටයුතු සලසා ඇති බව ද සඳහන් කරන ලදී.