විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම ගැන ඇමති ගම්මන්පිල ගෙන් පැහැදිලි කිරීමක්

January 16, 2022 at 9:59 PM

ලබන 22 වන දිනෙන් පසු විදුලිබල මණ්ඩලයට ඉන්ධන ලබාදීම මසකින් පමණ ප්‍රමාද විය හැකි බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පවසනවා.

පවතින ඉන්ධන ගැටලුව හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව සතුව ප්‍රමාණවත් තරම් ඉන්ධන තොග නොමැතිවීම එම තත්ත්වයට හේතුව බවයි අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

රට තුළ පවතින ඉන්ධන අර්බුදය පිළිබඳව ඉදිරි අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව උදය ගම්මන්පිල අමාත්‍යවරයා සඳහන් කළේ.

ඉන්ධන ආනයනය කිරීමට අවශ්‍ය මුදල් කඩිනමින් ලබාගැනීමට නොහැකි වුවහොත් ඉදිරියේ දී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් පවතින බව ද අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ.

ඒ සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා දිනයේ රැස්වන අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද තීරණය කර ඇති බව සඳහන්.

කෙසේවෙතත් පවතින තත්ත්වය හමුවේ විදුලිබල මණ්ඩලයේ ඉල්ලුමට සරිලන ආකාරයෙන් ඉන්ධන ලබාදීමේ හැකියාවක් නොමැති බව අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ.

“මාස තුනකට කලින් අපි ලංකා විදුලිබල මණ්ඩලටය දැනුම්දුන්නා ප්‍රවාහන සහ කර්මාත කේෂ්ත්‍රයන්ගේ ඉන්ධන අවශ්‍යතාවය සඳහා අපි ඩොලර් සපයාගන්නේ අතිශයෙන්ම අමාරුවෙන්. ඒ නිසා ලංකා විදුලිබල මණ්ඩලයට දැවි තෙල් හෝ ඩීසල් අවශ්‍ය වෙනවා නම් ඒ සඳහා අපිය කලින් දැනුම්දීමක් කළ යුතුයි.
අපිගාව තොග පවත්වාගෙන යාමේ හැකියාවක් නැහැ ඒ වෙනුවෙන්. දෙවනුව ඒ සඳහා වැයවන ඩොලර් ප්‍රමාණය අපට සපයා දියයුතුයි. ඒ වගේම ඒ අය අපිට දැනුම්දී තිබුණා ඉන්ධන අවශ්‍ය වන්නේ විදුලි ජනනය සඳහා ජනවාරි  අවසානයේ සිට කියලා.

නමුත් ජනවාරි 07 වනදා අපෙන් දැවිතෙල් දවසට මෙට්‍රික්ටෝන් 3,500ක් ගාණේ ඉල්ලුවා. දැන් ඒක ලබාදෙනවා ජනවාරි 22 දක්වා. ඒ වගේම ඒ අය අපෙන් ජනවාරි මස 11 වනදා ඉල්ලනවා 13 වනදාත්  මෙට්‍රික්ටෝන් 1,500 ගාණේ අවශ්‍යයි කියලා.

අපි ඔවුන්ට කිව්වා අපිට එලෙස ලබාදීමේ හැකියාවක් නැහැ. ඩොලර් සපයන්න අපි ඉන්ධන ගෙනැවිත් දෙන්නම්. ඉන්ධන ගෙන ඒමට ගතවන කාලය ඔවුන්ය ධරාගෙන ඉන්න වෙනවා. අපිට අඩුම ගාණේ දින 30 කාලයක් යනවා ඔවුන්ට මේ ඉන්ධන ලබාදෙන්න.” අමාත්‍යවරයා සඳහන් කළේ.