මධ්‍යම අධිවේගී මාර්ගය ජනතාවට විවෘත කෙරෙන දිනය

January 16, 2022 at 11:00 AM

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ලබන 20 වනදා සිට පොදු මගී ප්‍රවාහන සේවාවන් සඳහා විවෘත වන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

ආරම්භයේදී මහනුවර – කොළඹ සහ කොළඹ – කුරුණෑගල බස් රථ සඳහා අවසර ලබාදීමටයි පියවර ගෙන ඇත්තේ.

මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස ඊයේ විවෘත කිරීමත් සමඟ පෞද්ගලික ගමනාගමන කටයුතු සඳහා අවසර හිමිවුණා.

මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කළේ අද දහවල් 12 වනතුරු එහි ගමන්ගන්නා වාහනවලින් කිසිදු ගාස්තුවක් අය නොකරන බවයි.

ඒ අනුව ඉන් අනතුරුව අය කෙරෙන ගාස්තු දක්වමින් ගැසට් නිවේදනයක්ද නිකුත් කර තිබෙනවා.