විදුලි කප්පාදු කිරීම ගැන නිවේදනයක්

January 15, 2022 at 12:55 PM

අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බව ලංකා විදුලි බල මණ්ඩලය පවසනවා. එහි අතිරේක සාමාන්‍යාධිකාරී හා මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනි පැවසුවේ අද උදෑසනවන විට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඩීසල් මෙට්ට්‍රික් ටොන් 3,000ක් ලංකා විදුලි බල මණ්ඩලය වෙත ලැබී ඇති බවයි.

ඒ අනුව ලබන අගහරුවාදා තෙක් කප්පාදුවකින් තොරව විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යාමට හැකිවුනු ඇති බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පාරිභෝගිකයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කළ යුතු බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.