මුදල් ඇමති සහ ඉන්දීය විදේශ කටයුතු ඇමති අතර සාකච්ජාවක්

January 15, 2022 at 1:31 PM

ඉන්දීය විදෙශ අමාත්‍ය එස්.ජයශංකර් මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවක් පවත්වා තිබේ.

එහිදී ඉන්දියාව මෑතක දී ලබා දුන් ඩොලර් 900කට අධික විනිමය සහන සම්බන්ධයෙන් මෙන්ම ඉන්දියාව එකඟ වූ ණය මුදල සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා ඩොලර් බිලියනයක් හා ඩොලර් මිලියන 500ක් ඉන්ධන මිලදී ගැනීම සඳහා ලබා දීමට නියමිත අතර එම ණය මුදල ඉතා ඉක්මණින් නිදහස් කිරීම ගැන අවධානයට ලක් විය.

මිට අමතරව බලශක්ති සුරක්ෂිත තාව තහවුරු වන පරිදි ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ පියවර සම්බන්ධයෙන් ඉන්දීය විදේශ අමාත්‍යවරයා ප්‍රසාදය පලකලේය.

ශ්‍රී ලංකාව සඳහා නව ආයෝජන අවස්තා ඇතිකිරීමටද ඔහු සහතික වී ඇත.