මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් අද සිට ජනතා අයිතියට

January 15, 2022 at 8:00 AM

මධ්‍යම අධිවේගී මර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා වන කොටස අද (15) ජනතා අයිතියට පත් කිරීමට නියමිතව තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් එම උත්සවය පැවැත්වෙනවා.

මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවන අදියරේ මිරිගම – කුරුණැගල දක්වා කොටස කිලෝමීටර් 40.91ක දුරින් යුක්ත වන අතර පාරිසරික සහ සමාජීය බලපෑම් අවම වනපරිදි ඉදිකර ඇති මෙම අධිවේගී මාර්ගය නාගරික ප්‍රදේශ මගහරිමින් ප්‍රධාන වශයෙන් හිස් ඉඩම් හරහා ඉදිකර ඇත.

මංතීරු 4ක් යටතේ ඉදිකළ මෙම මීරිගම සිට කුරුණෑගල දක්වා මාර්ග කොටස දැනට ශ්‍රී ලංකාවේ අලංකාරම අධිවේගී මාර්ග කොටස ලෙස හඳුනාගෙන තිබේ.

මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන ස්ථානයන් හි මුදල් ගෙවීමේ කවුළු සහිතව අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 5 ඉදිකර තිබේ.

මේ සඳහා රුපියල් බිලියන 137ක් වැය වී ඇත.