හරිත කෘෂිකර්මාන්තය ප්‍රගතිය අපේක්ෂා කරනවා – ජනපති ගෙන් සුබපැතුම් පණිවුඩයක්

January 14, 2022 at 7:09 AM

අදට යෙදෙන තෛපොංගල් දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සුබපැතුම් පණිවුඩයක් තබමින් පවසන්නේ හරිත කෘෂිකාර්මික රටක වැදගත්කම සඳහා ද මෙම උත්සවය ඉවහල් වන බවයි.

සියලු දෙනාට සුබ තෛපොංගල් දිනයක් ප්‍රාර්ථනය කරමින් ජනාධිපතිවරයා එක් කල සුබපැතුම් පණිවුඩයේ උපුටා දැක්වීම පහලින්

 

කෘෂි ආර්ථිකය මත පදනම් වූ සංස්කෘතියකට උරුමකම් ඇති ශ්‍රී ලාංකික ජනයා තෛපොංගල් උළෙල දෙස බලා සිටින්නේ අප්‍රමාණ ගෞරවයෙනි.

සොබාදහමට අනුකූල ජීවන රටාවත් සමඟ සශ්‍රීකත්වය කරා අප පියවර තැබිය යුත්තේ හරිත කෘෂි කර්මාන්තය මත පදනම් ව ය.

එබැවින්, හරිත කෘෂි කර්මාන්තයක් සඳහා වන ජාතික ප්‍රතිපත්තිය සාර්ථක වනු දැකීම බහුතර ශ්‍රී ලාංකික ජනතාවගේ අපේක්ෂාවයි. ඒ සඳහා මෙම තෛපොංගල් සමය දැඩි උද්‍යෝගයක් සපයන බව මම තරයේ විශ්වාස කරමි.

 

සුරක්ෂිත දේශයක සෞභාග්‍යය හා සශ්‍රීකත්වය වෙනුවෙන් කැප වී සිටින ඔබට, සූර්ය දෙවියන්ගේ ආශීර්වාදය සහ රැකවරණය නිතැතින් උදා වේවා! යි ප්‍රාර්ථනා කරමි.