බන්දුලගෙන් තවත් සහන මල්ලක්.

January 14, 2022 at 11:48 AM

සුපිරි සම්බා සහල් කිලෝ 10ක් ඇතුළුව අත්‍යවශ්‍ය භාණ්ඩ වර්ග 20කින් සමන්විත භාණ්ඩ මල්ලක් රු.3998/=කට ලංකා සතොසෙන් ලබා දෙන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි.


ඒ අනුව

සුපිරි සම්බා කිලෝ 10ක්

සුදු සීනි කිලෝවක්

රතු පරිප්පු කිලෝවක්

ඉඳිආප්ප පිටි කිලෝවක්

හාල්මැස්සන් ග්‍රෑම් 500ක්

නූඩ්ල්ස් ග්‍රෑම් 400ක්

මේස ලුණු ග්‍රෑම් 400ක්

පොල්ගෙඩි 2ක කිරි (මිලිලීටර් 330ක පැකට්ටුවක්)

මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

ගම්මිරිස් කුඩු ග්‍රෑම් 100ක්

තුනපහ කුඩු ග්‍රෑම් 100ක්

කහකුඩු ග්‍රෑම් 100ක්

STC තේකොළ ග්‍රෑම් 100ක්

ඇඟ ගල්වන සුවඳ සබන් ග්‍රෑම් 80 කැටයක්

සතොස සඳුන් සබන් කැටයක්

දෑත් සෝදන දියර මිලිලීටර් 100ක්

සෝයාමීට් ග්‍රෑම් 90ක්

ස තොස TFM අගය සහිත රෙදි සෝදන සබන් කැටයක්

පපඩම් පැකට් 1ක්

මුහුණු ආවරණ 10ක්

ඇතුළත් මෙම භාණ්ඩ මල්ල රු.3998/=කට පාරිභෝගිකයා වෙත ලබා දීමට ලංකා සතොස අළෙවිසැල් හරහා අද සිට පහසුකම් සලසා ඇත.


වෙළෙඳපොල සමීක්ෂණයකට අනුව, අනෙකුත් සුපිරි වෙළෙඳසැල් ජාල වලින් මෙම භාණ්ඩ වර්ග 20 මේ ප්‍රමාණයන්ගෙන්ම ලබා ගන්නා විට රු.6521/=, රු.5834/=, රු.5771/= ක් වශයෙන් ගෙවීමට සිදු වූ බවත්, මෙම භාණ්ඩ මල්ල රු.3998/=ක මුදලකට පාරිභෝගිකයා විසින් ලබා ගන්නා විට අවම වශයෙන් රු.1750/=ක වාසියක් ලැබිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පෙන්වා  දෙන ලදී.
ලංකා සතොස අළෙවිසැල් නොමැති ප්‍රදේශ වල ජනතාවට ක්ෂණික ඇමතුම් අංක 1998 ඇමතීමෙන් මෙම භාණ්ඩ මල්ල නිවසටම ගෙන්වා ගත හැකිය.