ඛනිජ තෙල් සංස්ථාව ගත් තීරණය

January 14, 2022 at 11:14 AM

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඩීසල් මෙට්‍රික් ටොන් 3000ක් ලබාදෙන බවට පොරොන්දු වූ බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කර සිටිනවා.

එලෙස ඩීසල් ලබා දුන්නහොත් යම්තාක් දුරට විදුලි බිඳ වැටීම් අවම කරගත හැකි බවයි ලංකා විදුලි බල මණ්ඩලයේ අතිරේක සාමාන්‍යාධිකාරී සහ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමානි පැවසුවේ.

ඉන්ධන නොමැතිවීමත් සමග විදුලි බලාගාරවල ජනන යන්ත්‍ර කිහිපයක් අක්‍රිය වීම නිසා ඊයේ (13) පස්වරුවේ සිට දිවයිනේ ප්‍රදේශ රැසකට විදුලි බිඳවැටීමක් සිදුවිය.

ජාතික පද්ධතියට මෙගාවොට් 300 ක අඩුවක් පැවතීම හේතුවෙනුයි දිවයිනේ ප්‍රදේශ කිහිපයකට විදුලිය බිඳ වැටීම සිදුවූ අතර දැවිතෙල් අර්බුදයක් ද මතු වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි අර්බුදය තවදුරටත් උග්‍රවිය හැකි බව ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කරයි.