අධිවේගී මාර්ගයෙන් ඉපැයූ වාර්තාගත ආදායම

January 14, 2022 at 12:01 PM

පසුගිය 2021 වසරේදී මෙරට අධිවේගී මාර්ගවලින් රුපියල් බිලියන 8.8 ක ආදායමක් උපයා තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඒ අනුව එක්රැස් කරගෙන ඇත්තේ වසරකදී ලැබූ ඉහළම ආදායමයි.

එමෙන්ම එය පෙර වසරට සාපේක්ෂව සියයට 21 ක වර්ධනයක් ලෙස සැළකිය හැකියි.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම්වලින් පසුගිය වසරේ ඉපයූ ආදායම රුපියල් බිලියන 4.5 ක් වන අතර, කටුනායක අධිවේගී මාර්ගයෙන් සහ පිටත වටරවුම් මාර්ගයේ මෙහෙයුම්වලින් ඉපයූ ආදායම රුපියල් බිලියන 4.3 ක්.

එමෙන්ම ගතවූ 2021 වසරේදී අධිවේගී මාර්ග ජාලය ඔස්සේ ගමන් ගත් වාහන සංඛ්‍යාව මිලියන 38.6 ක්.