ලිට්රෝ සභාපති ඉවතට ?

January 13, 2022 at 12:50 PM

ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර ජයසිංහ අද (13) දිනයේ දී එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

සමාගමේ නව සභාපතිවරයා ලෙස නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති රේණුක පෙරේරා පත් කිරීමට නියමිතව ඇති බවද එම ආරංචි මාර්ග සඳහන් කර සිටින්නේ.

ගෑස් හිඟය සහ ගෑස්වල සංයුතිය සම්බන්ධයෙන් රට තුළ ඇතිව තිබෙන බරපතළ අර්බුදකාරී තත්ත්වය සැලකිල්ලට ගනිමින් වත්මන් සභාපතිවරයා ධුරයෙන් ඉවත් කෙරෙන බවයි වාර්තා වන්නේ.

නව රජය බලයට පත්වීමෙන් පසුව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහා සභාපතිවරුන් දෙදෙනකු පත්කර පත්කළ අතර,රේණුක පෙරේරා මහතා එම ධුරයට පත් කරනු ලබන්නේ තෙවැනි සභාපතිවරයා වශයෙන්.