ප්‍රදේශ රැසක විදුලි සැපයුම ඇණ හිටි

January 13, 2022 at 4:15 PM

මේවන දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි විසන්ධි වීමක් සිදුව ඇති බව වාර්තා වනවා. කොළඹ ඇතුළු ප්‍රදේශ ගණනාවකට මෙම විදුලි විසන්ධි වීම සිදුව ඇති බවයි විදුලි පාරිභෝගිකයින් සඳහන් කර සිටින්නේ.

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවෝට් 300ක හිඟකමක් ඇතිවී තිබෙන නිසා දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට විදුලි සැපයුම ඇණ හිටිමකට ලක්ව ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඇන්ඩෘ නවමනි සඳහන් කර සිටියේ.

විදුලිය නිපදවීමට අවශ්‍ය ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස හදිසි විදුලි බිඳ වැටීම් සිදුව ඇති බවට ඔහු ප්‍රකාශ කර සිටියා.