කොරෝනා අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි : අගමැති

January 12, 2022 at 12:55 PM

ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දෙන ප්‍රශ්න පිළිබඳව සලකා බැලීමේදී එය වරායේ ගැඹුරටත් වඩා වැඩි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කර සිටිනවා. කොළඹ වරායේ නැගෙනහිර ජැටිය ඉදිකිරිමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කර සිටියේ.

ගතවූ වසර දෙක පිළිබඳව ලතැවීමට අවශ්‍ය නොවන බවත් ඉදිරි වසර තුන ඉතාමත් වැදගත් බවයි මෙහිදී අගමැතිවරයා සඳහන් කලේ. ගතවූ වසර දෙක වැදගත් වන්නේ විපක්ෂයට බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කලේ.

” කොරෝනා වසංගතය අපිව ඇඳලා දාල තියෙන අගාධය වරායේ ගැඹුරට වැඩියි. අපිට ජනතාවට හංගන්න දෙයක් නෑ. හංගන්න අවශ්‍යත් නෑ.ආණ්ඩුව තමන්ගේ පහසුව ගැන පමණක් හිතන්නේ නෑ. රට ගැන තියෙන බලාපොරොත්තු අත්හරින්න එපා. අනාගතය අපි භාරගමු” අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සඳහන් කර සිටියා.