CID අත්අඩංගුවේ පසුවූ කතක් සියදිවි හානිකර ගනියි

January 11, 2022 at 10:03 AM

මුල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ සිටි කාන්තාවක් සියදිවි හානිකර ගෙන ඇති බව වාර්තා වනවා.

පොලීසිය පැවසුවේ ඇය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළේ ජනේලයකින් එළියට පැන ඇති බවයි.

46 හැවිරිදි එම කාන්තාව රුපියල් මිලියන 60ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා CIDය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එම කාන්තාව අද අලුයම 04.00ට පමණ බිමට පැන සියදිවි හානිකර ගෙන තිබූ බව පොලීසිය පැවසුවේ.