15 හැවිරිදි දැරියක් අතුරුදන් : පොලිසිය මහජන සහය පතයි

January 11, 2022 at 4:21 PM

දින 05ක කාලයක සිට ආගිය අතක් නොමැති මහරගම, නාවින්න ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 15ක ගැහැනු දරුවකු සොයා ගැනීම සඳහා පොලීසිය මහජන සහය පතනවා.

මෙම දැරිය පසුගිය 07 වනදා සිට ආගිය අතක් නොමැති බවට මහරගම පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටින්නේ.

මේ සම්බන්ධයෙන් මෙතෙක් සිදුකරන ලද විමර්ශන වල දී අතුරුදන් වූ ගැහැණු ළමයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අනාවරණය කරගැනීමට හැකිවී නැහැ.

මෙලෙස අතුරුදහන් වී ඇත්තේ මහරගම නාවින්න ප්‍රදේශයේ පදිංචි නේහා කෞමදී හේරත් නැමැති දැරියක් වන අතර ඇය අඩි පහයි අඟල් තුනක් පමණ උසැති වනවා.

ඇය අතුරුදන් වන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් ලෙස සඳහන් වන්නේ කොළ පැහැති ටී ෂර්ට් එකක් සහ කළු පැහැති ලොකු කලිසමක්.

මෙම දැරිය පිළිබඳ යම්කිසි තොරතුරක් වෙතොත් :

මහරගම පොලිස් ස්ථානාධිපති 071 859 1645
මහරගම පොලිස් ස්ථානය 0112 850222 හෝ 0112 850 700 යන අංක වලට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍යය ප්‍රකාශක කාර්යාලය විසින් මහජනතාවට දැනුම් දී සිටිනවා.