මහජන බැංකුව ආසාදු ලේඛණයෙන් ඉවතට

January 11, 2022 at 1:49 PM

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ, ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් මෙරට රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුව සිය අසාදු ලේඛනයෙන් ඉවත්කර ඇති බව වාර්තා වනවා.

කොළඹ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආර්ථික සහ වාණිජ කාර්යාලය විසින් එම බැංකුව අසාදුගත කරනු ලැබුවා, ඒ චීන සමාගමකින් ආනයනය කිරීමට තීරණය කර තිබූ කාබනික පොහොර තොගයක් සඳහා ගෙවීම් සිදුකිරීම සම්බන්ධයෙන් ඇතිවූ ගැටලුවක් හේතුවෙනි.

මතභේදයකට ලක්වූ චීනයේ චින්දාඕ සීවින් බයෝටෙක් සමාගමෙන් ගෙන්වීමට සැලසුම් කළ කාබනික පොහොර සඳහා ණයවර ලිපි නිකුත් කර තිබුණේ, මහජන බැංකුව හරහායි.

නමුත් ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන සේවය එම පොහොර සාම්පල පරීක්ෂාවෙන් පසුව පවසා තිබුණේ එම පොහොර සාම්පලවල අර්වීනියා නම් බැක්ටීරියාව අඩංගු බැවින් එම පොහොර භාරනොගත යුතු බවටයි.

පසුව එම සමාගමට ඩොලර් මිලියන 6.9ක් වන්දි ලෙස ගෙවීමට ශ්‍රී ලංකාව කටයුතු කරනු ලැබුවා.