දේවස්ථානයක තිබී අත්බෝම්බයක් හමුවෙයි

January 11, 2022 at 6:55 PM

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සියලු ශාන්තුවරයින්ගේ දේවස්ථානය තුල තිබී අත් බෝම්බයක් සොයා ගත් බව පොලිසිය පවසනවා.

දේවස්ථානයේ සේවය කරනු ලබන පුද්ගලයෙකු ගෙන් පොලිසියට ලද තොරතුරක් මත මෙම අත්බෝම්බය සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දුව සඳහන් කලේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, සොයා ගනු ලැබූ අත්බෝම්බය නිෂ්ක්‍රිය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායට ලබාදී ඇත.