විදුලි අර්බුධයට විසඳුම් සොයන්න – ජනපති

January 10, 2022 at 2:53 PM

ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුධයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතතා අවධාරණය කර සිටිනවා.

විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා.

ගල්අඟුරු සහ පොසිල ඉන්ධන භාවිතයෙන් විදුලි උත්පාදනයේ දී පැනනැගී ඇති ගැටලු කිහිපයක් හේතුවෙන් මෙම තත්ත්වය උද්ගතව ඇති බව නිලධාරීහු පෙන්වා දුන්නා.

ශ්‍රී ලංකාව සතු ගල්අඟුරු සංචිත විදුලි අර්බුදයකට ඉඩ නොදී කළමනාකරණය කරගැනීමට ප්‍රමාණවත් බවත් ඉන්ධන භාවිතයෙන් කෙරෙන විදුලි උත්පාදනය කළමනාකරණය කිරීමෙන් විදුලි කප්පාදුවකට යෑමෙන් වැළකිය හැකි බව ද නිලධාරීන් ප්‍රකාශ කර සිටිය බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර සිටියේ.

පවතින තත්ත්වය කළමනාකරණය කරගනිමින් ජන ජීවිතය පවත්වා ගෙන යාමට සියලු පියවර ගෙන ඇති බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරුන් සඳහන් කර සිටියේ.