අවසර ලැබුනත් විදුලිය විසන්ධි කරනවාද ? ලංවිම පිළිතුරු දෙයි

January 10, 2022 at 10:11 AM

විදුලිබල මණ්ඩලයට අවශ්‍ය පරිදි හෙට (10) සිට විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ලබාදුන් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව ප්‍රකාශ කර සිටිනවා.

මේ සම්බන්ධයෙන් අප සිදුකළ විමසීමකදී ලංකා විදුලිබල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී ආර්.එම්.රණතුංග සඳහන් කර සිටියේ මේ වන විට ඛනිජ තෙල් සංස්ථාව විසින් දින 05ක කාලයකට අවශ්‍ය ඉන්ධන ලබාදී තිබෙන බවයි.

කැලණිතිස්ස බලාගාරයේ විදුලි ජනන යන්ත්‍රයක සිදුවූ බිඳවැටීමක් සහ ඛනිජ තෙල් සංස්ථාව දැවි තෙල් ලබාදීම අත්හිටුවීමට පියවර ගැනීම හේතුකොට ගෙන පසුගිය දිනවල දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි සැපයුම බිඳවැටී තිබුණා.

මෙවැනි වාතාවරණයක විදුලිය විසන්ධි කිරීම සඳහා අවසර ඉල්ලමින් ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබුණි.

විදුලිබල මණ්ඩලය පැවසුවේ දැවි තෙල් ගැටලුව සහ නොරොච්චෝලේ බලාගාරයේ ජනන යන්ත්‍රයක් අක්‍රීයවීම නිසා මතුව ඇති ගැටලුකාරී තත්ත්වය හමුවේ පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා එම ඉල්ලීම ඉදිරිපත් කළ බවයි.

ඒ අනුව මහජන උපයෝගීතා කොමිෂන් සභාව අද එම ඉල්ලීමට අවසර ලබාදී තිබුණි.