හෙට සිට විදුලි කප්පාදුවකට අවසර

January 9, 2022 at 2:59 PM

හෙට සිට පැයක හෝ පැය දෙකක විදුලි කප්පාදුවක් සඳහා විදුලිබල මණ්ඩලයට අවසර දුන් බව මහජන උපයෝගීතා කොමිසම කියයි.

ලංකා විදුලි බල මණ්ඩලය කල ඉල්ලීමක් අනුව මෙම අවසර ලබාදී ඇත.

දැවිතෙල්සැපයීමේ ගැටලුවක් හේතුවෙන් ගතවූ දින කිහිපයක් විදුලිය කප්පාදුවකට ලක් කෙරිණ.

නමුත් ඛනිජතෙල් සංස්ථාව විසින් දැවිතෙල් සැපයීමත් සති අන්තයේවිදුලි ඉල්ලුම අවම වන බැවිනුත් අද සහ ඊයේ විදුලි කප්පාදුවක් සිදු නොකෙරිණි .