සුපිරි වෙළඳ සැලෙන් භාණ්ඩ රැගෙන පලා ගිය පුද්ගලයා බියට පත්වී දිවි නසා ගනී

January 9, 2022 at 3:19 PM

රාගම ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැළකට අද උදෑසන පැමිණි පුද්ගලයෙකු මුදල් නොගෙවා රැගෙන ගිය භාණ්ඩ කිහිපයක් හේතුවෙන් දිවි නසාගෙන තිබේ.

ඔහු කුඩා දරුවන් සඳහා භාවිත කරන සුවඳ විලවුන් කීපයක් මුදල් නොගෙවා පිටතටරැගෙන පැමිණ ඇත.

අසල සිටි ත්‍රි⁣රෝද රථ රියදුරෙකු ඔහුව අල්ලා ගැනීමට තැත් කිරීමේදී අදාළ පුද්ගලය අත තිබූ පිහියකින් ත්‍රීරෝද රථ රියදුරුට ඇන පළාගොස් තිබේ.

එම සිදුවීම දුටු තවත් පිරිසක් සැකකරු පසුපස දිවගොස් ඇති අතර එහිදී සැකකරු කිසිවෙකුත් ළඟට නොඑන ලෙසත් එසේ පැමිණියහොත් ගෙල කපාගන්නා බවත් පවසා ඒ සමගම අත තිබූ පිහියෙන් ගෙල කපාගෙන ඇත.

පසුව අසල සිටි පුද්ගලයින් ඔහුව රාගම රෝහලට ඇතුළත් කර ඇතත් වෛද්‍යවරු පවසා ඇත්තේ සැකකරු මියගොස් ඇති බවයි.

සිද්ධියෙන් තුවාල ලැබූ ත්‍රිරෝද රථ රියදුරු රාගම රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි.