රටටම අවශ්‍ය සියලු කොවිඩ් එන්නත් ගෙන්වා අවසන්

January 9, 2022 at 8:07 AM

අද වන විට මෙරටට අවශ්‍ය සමස්ත කොවිඩ් එන්නත් ප්‍රමාණය සහ බූස්ටර් එන්නත් ප්‍රමාණය ලැබී අවසන් බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන පවසනවා.

ඔහු ප්‍රකාශ කළේ මෙරටට ගෙන්වූ ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම්, ස්පුට්නික්, මොඩර්නා සහ ෆයිසර් එන්නත් මාත්‍රා සංඛ්‍යාව හාර කෝටි අසුපන් ලක්ෂ හැටදහසක් බවයි.

එන්නත් මිලියන 6.8 ක් ලැබී ඇත්තේ ආධාර ලෙස වන අතර ඒවා චීන, ජපාන, අමෙරිකානු සහ ඉන්දියානු රජය මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ද ආධාර ලෙස ලැබුණු බව විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

එක් එන්නත් මාත්‍රාවක් සඳහා ඩොලර් 05 සිට ඩොලර් 7.5ක වියදමක් දරා ඇති බව ද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන සඳහන් කළේ.

මේ ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස් බුක් ගිණුමේ තැබූ සටහන පහතින්.

හෙට 2022 ජනවාරි 9 වැනිදා

දැනට වසරකට පෙර 2021 ජනවාරි 18 දී ජනාධිපති ගෝඨාභය මැතිතුමාගේ උපදෙස් පරිදි සියලුම කොවිඩ් එන්නත් මෙරටට ආනයනය කිරීමේ වගකිම රාජ්‍ය ඖෂධ සංස්ථාවට පවරනු ලැබුවා.

▪️හෙට දිනය වනවිට ශ්‍රීලංකාවට අවශ්‍ය මුළු කොවිඩ් එන්නත් ප්‍රමාණයත් බූස්ටර් එන්නතට ලබාදීම පිණිස අවශ්‍ය සියලු එන්නත් ප්‍රමාණයත් මෙරටට ලැබී අවසන් වෙනවා.

මෙම මුළු මෙහෙයුම සම්පුරණයෙන් අවසන් කිරීම රාජ්‍ය ඖෂධ සංස්ථාව විසින් වසරකට අඩු කාලයකදී කරනු ලැබුවා.

ඖෂධ සංස්ථාව මගින් මෙරටට ගෙන ආ එන්නත් වර්ග.

ඇස්ට්‍රා සේනිකා එන්නත 2,865,424
මොඩර්නා 1,500,000
ස්පුට්නික් 195,000
සිනෝෆාම් 26,000,000
ෆයිසර් 18,000,000

▪️මෙම මුළු මාත්‍රා ගණනින් මිලියන 6.8 අපට ලැබුනේ ආධාර වශයෙනි වැඩිම ආධාර ප්‍රමාණය *චීන රජයෙනුත්* ජපාන හා ඇමරිකානු රාජ්‍ය මගින් මෙන්ම ඉන්දියානු රජය මගින්ද ලෝක සෞඛ්‍ය සංවිධානය මගින්ද ආධාර ලෙස එන්නත් ලැබුන.

එක එන්නත් මාත්‍රාවක් සඳහා අප වියදම් කල මුදල *ඩොලර් 5 සිට ඩොලර් 7.5* අතර පරාසයක පැවතුනා

*ප්‍රමිතිය*.

ස්පුට්නික් එන්නත හැර සියලු එන්නත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලද නිෂ්පාදන සමාගම් වලින් එම නිෂ්පාදනාගාර වලින්ම ලබාගැනීම මගින් ප්‍රමිතිය 100% තහවුරු කරනු ලැබුවා. මිට අමතරව ඖෂධ නියාමන අධිකාරියේ විෂඥයින් සියලු දත්ත පරීක්ෂාවෙන් පසු පමණක් එන්නත් සඳහා අනුමැතිය දුන්නා.

_මේ දක්වා එන්නත් මගින් අසාමාන්‍ය කිසිදු සන්කුලතාවක් අපරටේ හෝ ලෝකයේ ඇතිවී නැහැ_. මෙය ලෝක සෞඛ්‍ය සංවිධනය හා අප වසංගත රෝග අංශයත් තහවුරු කරනවා.

ආනයන කල එන්නත්වලින් බහුතරය ෆයිසර් හා සිනොෆාම් එන්නත් වන අතර ෆයිසර් එන්නතේ *මුළු වියදම* ලෝක බැංකුවේ නය ආධාරයකින් ගෙවන ලද අතර ආසියානු සංවර්ධන බැංකුව මගින් සිනොෆාම් එන්නත සඳහා ගෙවීම් කරන ලදී,

_මෙම බැංකු දෙක සමග දුෂණ හා අල්ලස් වැළක්වීමේ එකඟතාවලට අප ගිවිසුම්_ ගත වූ අතර ඔවුන් අපගේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මුළුමනින්ම පරික්ෂාකර අපගේ සියලු ක්‍රියාන්විතයන් විගණනය කිරීම අවසන්කර සැහීමකට පත්වීමෙන් පසු මෙම මුදල් අනුමත කරනු ලැබුවා.

▪️මේ අනුව මෙම එන්නත් මිලදී ගැනීමේ මුළු ක්‍රියාන්විතයම ජාත්‍යන්තර නිර්ණායක වලට එකඟව විනිවිධ භාවයෙන් සිදුවූ බව තහවුරු කරනු ලැබුවා.
අපගේ එන්නත් කරන වැඩපිළිවෙල මේවන විට ලෝකයේ ප්‍රමුඛතම ස්ථානයේ ( *පළමු රටවල් 10* අතර) සිටිනවා.

මේ අනුව රාජ්‍ය ඖෂධ සංස්ථාවට භාර දුන් රාජකාරිය නිම කලේ ඉතාම ඉහල ප්‍රමිතියේ එන්නත් අවශ්‍ය ප්‍රමාණය අධි මාත්‍රාව සමග මුලුමනිම ගෙන එමෙන්.
මේ සඳහා *ඖෂධ සංස්ථා සේවකයින්* පසුගිය වසර තුල වසංගත තත්වයේදී පවා නිවාඩු නොගෙන , සති අන්තය, දවාල රෑ යන මේ කිසිවක් නොසලකා ඉතා දුෂ්කර කාර්යයක් ඉටුකළේ නියම කණ්ඩායම් හැඟීමකින්. මේ සඳහා ඔවුන්ට නිසි ගෞරව සම්මාන ලැබිය යුතුයි.

🌹මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශයෙන්, රාජ්‍ය අමාත්‍යාංශයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ලැබුනේ නොමඳ සහයක්. 🌹
*අප ඉදිරියේ ඇති ප්‍රශ්නය*

අදවන විට මෙම ලැබී ඇති එන්නත් විද ගැනීම විවිධ ලාමක හේතු ඉදිරිපත් කරමින් ඇතැම් අය අතපසු කරන බව පේනවා.

▪️අත රිදෙනවා, ඇඟ කසනවා , වසා ග්‍රන්ථි ඉදිමුනා ,කාගේද මොලේ ලේ කැටියක් හිරවෙලා ආදී කිසි ලෙසකත් බියවිය නොයුතු හා තහවුරු නොකරන ලද කටකතා මෙම ප්‍රශ්නයට මුල් වෙලා . අපේ රටේ මිනිස්සු මෙතරම් කට කතා විශ්වාස කරන්නේමොකද කියන එක ලොකු ප්‍රශනයක්. ▪️අගෝස්තු සැප්තැම්බර් වල මිනිස්සු මැරෙන විට පෝලිමේ එන්නත් ගන්න ගිය අය අද හැංගිලා.
මේක අවාසනාවන්ත වගේම භයානක තත්වයක්.
මෙනිසා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විද්වතුන් සියලු දෙනාට මෙම බුස්ටර් එන්නත ලබා දීමට ජනතාව උනන්දු කරවීමේ බරපතල වගකීමක් තියෙනවා.
මෙරටේ ජනතාවගේ ජිවිත ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් ප්‍රතිඥාව ඖෂධ සංස්ථාව නොපිලිහෙලා නියමිත කලට ඉටු කළා.

*දැන් ඔබේ වාරයයි*. ගෙන ආ එන්නත් ජනතාවට ලබාදීම සඳහා ඔබ කොතරම් කාර්යක්ෂමව කටයුතු කරනවා දැයි යන්න මත නව ප්‍රබේධ රට තුල ඇතිවීම නවත්වා ගැනීම තීරණය වෙනවා..

මේ ස්වර්ණමය හෝරාව අත නොහරින්න. 2022 අලුත් අවුරුද්දේ ලද ප්‍රීතිය සිංහල අලුත් අවුරුද්දටත් විඳින්න ඉඩ දෙන්න.
ස්නායු ශල්‍ය විශේෂඥ ප්‍රසන්න ගුණසේන