ඩෙස්මන්ඩ් ද සිල්වා දිවිගමනට සමුදෙයි

January 9, 2022 at 4:49 PM

ජනප්‍රිය ගායක ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මෙරට ගීත කේෂ්ත්‍රයේ ජනප්‍රිය වේග රිද්ම සහ බයිලා ගීත රැසක් දායාද කළ ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා මියයන විට 74 වන වියේ පසුවූවා.

යාමන් බන්ඩෝ වෙසක් බලන්න, සුමිහිරි පානේ, චුඩා මානිකේ බලාලා, නිල්වන් මුහුදු තිරේ ඇතුළු ජනප්‍රිය ගීත රැසක් මෙරට ගීත කේෂ්ත්‍රයට දායාද කළ ඩෙස්මන් ද සිල්වා මහතා මියයන විට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජිවත් වෙමින් සිටිය බවයි සඳහන් වන්නේ.