විදෙස්ගත ශ්‍රමිකයන්ගේ ඉපැයීම් සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක්

January 8, 2022 at 8:15 PM

අපනයන ඉපැයීම් සඳහා අදාළ වන රෙගුලාසි විදෙස්ගත ශ්‍රමිකයින්ගේ ඉපයීම් සඳහා බල නොපවත්වන බව මහ බැංකුව පවසනවා.

ඒ අනුව බලපත්‍රලාභී බැංකු හරහා හෝ වෙනත් නීත්‍යානුකූල මාර්ගවලින් ඔවුන් මෙරටට එවන විනිමය විදේශ මුදල්වලින් මෙරට ඕනෑම වාණිජ බැංකුවක තැන්පත් කළ හැකියි.

ඒවා රුපියල්වලට පරිවර්තනය කිරීම අනිවාර්ය නොවන අතර, එසේ කරන්නේ නම් ඒ සඳහා මහ බැංකුව අනුමත විනිමය අනුපාතයට අමතරව අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් දහයක අතිරේක දිරිදීමනාවක් ලබන 31 වැනිදා දක්වා ලබාදෙනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.