ප්‍රවීන නළු රොබින් ප්‍රනාන්දු දිවිගමනට සමුදෙයි

January 8, 2022 at 12:31 PM

සිංහල සිනමාවේ අසහාය සටන් නළුවකු සලකන ප්‍රවීන චිත්‍රපට නළු රොබින් ප්‍රනාන්දු මහතා අද උදෑසන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යනවිට රොබින් ප්‍රනාන්දු මහතා 84 වන වියේ පසුවූවා.

ඔහු වසර දෙකකට ආසන්න කාලයක් පාකින්සන් රෝගය හේතුවෙන් ප්‍රතිකාර ලැබුවා.

ඒ මහතාගේ අවසන් කටයුතු පිළිබඳ පසුව දැනුම් දෙනු ඇත.