චීන විදේශ ඇමති අද දිවයිනට

January 8, 2022 at 10:21 AM

චීන විදේශ කටයුතු අමාත්‍ය වැන්ග් යී මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (08) මෙරටට පැමිණිමට නියමිතව තිබෙනවා.

චීන විදේශ කටයුතු අමාත්‍යවරයා අද සහ හෙට මෙරට සංචාරයක නිරතවන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ.

චීන – ශ්‍රී ලංකා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවල 65 වන සංවත්සරය සැමරීම ද ඊට සමගාමීව සිදුවෙන බව සඳහන් වේ.

මේ අතර ශ්‍රී ලංකා සංචාරයේදී චීන විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් ආයෝජන යෝජනා රැසක් ඉදිරිපත් කරනු ඇති බවට ද වාර්තා වේ.