විවිධ ප්‍රදේශවලට අදත් විදුලි කප්පාදුවක්

January 7, 2022 at 7:47 AM

කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක සිදූවූ තාක්ෂණික දෝෂය හේතුවෙන් අද දිනයේදී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලට විදුලිය විසන්ධිවීමක් සිදුවිය හැකි බව විදුලි බල මණ්ඩලය ප්‍රකාශකයෙකු සඳහන් කර සිටිනවා.

කැළණිතිස්ස බලාගාරයේ ජනන යන්ත්‍රයක් ඊයේ රාත්‍රියේ තාක්ෂණික දෝෂයකට ලක්වුවා.

මේ අතර පවතින අර්බුදකාරී තත්ත්වය හමුවේ අඛණ්ඩව විදුලිය සැපයීම අභියෝගයක් වී ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසනවා. පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට කෙටි කාලයක් විදුලිය කප්පාදු කිරීමටද සිදුවිය හැකි බවයි එම මණ්ඩලය වැඩිදුරත් සඳහන් කර සිටින්නේ.