පොහොර වෙනුවෙන් චීනයට අද මුදල් ගෙවයි

January 7, 2022 at 8:00 AM

ණයවර ලිපියට අනුව චීන පොහොර සමාගමට ඩොලර් මිලියන 6.9 ක මුදලක් ගෙවන බව මහජන බැංකුව පවසනවා. එහි සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතා පැවසුවේ අද දිනයේදී එම මුදල ගෙවීමට කටයුතු කරන බවයි.

මහජන බැංකුව සදහන් කළේ කොළඹ වාණිජ මහාධිකරණය මගින් පනවා තිබූ වාරණ නියෝගය ඉවත් කිරිම හේතුවෙන් අදාළ නෞකාව අයත් සමගමට එම මුදල ගෙවීමට තීරණය කළ බවයි.

චීනයෙන් ආනයනය කිරීමට නියමිත කාබනික පොහොර සාම්පලවල තිබී අහිතකර ක්ෂුද්‍රජීවීන් අවස්ථා දෙකකදී හඳුනාගැනීමත් සමඟ චීනයෙන් කාබනික පොහොර ගෙන්වීම නතර කිරීමට රජය තීරණය කරනු ලැබුවා.

බොහෝ කාලයක් දිවයින වටා මුහුදේ සැරි සරමින් තිබූ අදාළ පොහොර නෞකාව බේරුම්කරණ අධිකරණයකට යන බව පවසමින් දෙසැම්බර් 4 වැනි දා මෙරට මුහුදු සීමාවෙන් පිටව ගියා.