කටුනායක ගුවන් තොටුපොළේ විශේෂ එන්නත්කරණ මධ්‍යස්ථානයක්

January 7, 2022 at 3:32 PM

අද (07) සිට ක්‍රියාත්මක වන පරිදි කටුනායක ගුවන්තොටුපොළේ එන්නත්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවා ඇති බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසනවා.

ඒ අනුව විදෙස් රටවල සිට මෙරටට පැමිණෙන පළමු, දෙවන හෝ බූස්ටර් එන්නත් මාත්‍රා ලබා නොගත් ශ්‍රී ලාංකිකයන්ට එම ස්ථානයෙන් එන්නත ලබාගත හැකි වනවා.

එහිදී දෙනු ලබන්නේ ෆයිසර් එන්නත බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව පැවසුවේ.

එම එන්නත්කරණ මධ්‍යස්ථානය කටුනායක ගුවන්තොටුපොළේ පැය 24 පුරා ක්‍රියාත්මක වනවා.