යලිත් විදුලි කප්පාදුවක අවධානමක්

January 6, 2022 at 8:28 AM

ඉන්ධන අර්බුදය හේතුවෙන් යළිත් වරක් විදුලි කප්පාදුවක් සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩල වෘත්තීය සමිති පවසනවා.

ඉන්ධන අර්බුදය හේතුවෙන් සපුගස්ගන්ද තාප විදුලි බලාගාරයේ විදුලි නිෂ්පාදන කටයුතු මේ වන විට නතර වී ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රංජන් ජයලාල් සඳහන් කළේ.

ජල විදුලි නිෂ්පාදනය ද අවම වුවහොත් විදුලි කප්පාදුවක් සිදුකෙරෙනු ඇති බවද ඔහු සඳහන් කර සිටියා.