ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක්

January 6, 2022 at 8:07 PM

කැලණිතිස්ස විදුලිබලාගාරයේ ජනන යන්ත්‍රයක ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් කොළඹ නගරයේ ප්‍රදේශ රැසක හදිසි විදුලි බිඳ වැටීමක් සිදුව ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටිනවා.

මේ හේතුවෙන් කෝට්ටේ, මහරගම ඇතුළු ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම බිඳ වැටී ඇති බවයි විදුලි පාරිභෝගිකයින් පවසන්නේ.

ඇතිවී තිබෙන විදුලි බිඳ වැටීම රාත්‍රී 9.00 වන විට යථා තත්ත්වයට පත් කිරීමට හැකිවෙනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලය නිවේදනය කර සිටින්නේ.