නව පරපුරේ නිර්මාණකරුවන් සඳහා ම ASUS Vivobook Pro 15 එළි දක්වයි

January 6, 2022 at 2:06 PM

අද දවසේ නව පරපුරෙ නිර්මාණකරුවන් ගේ දෛනික නිර්මාණඅවශ්‍යතා සඳහා ම විශේෂයෙන් නිර්මාණය කර ඇති Vivobook Pro 15 OLED (M3500),  නවතම මාදිලියේ පරිගණක දෙකක් ASUS විසින් වෙළෙඳ පොළට නිකුත්කර තිබේ. පවතින වසංගත තත්්වයහමුවේ, සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීමේ අවශ්‍යතාවය අවධාරණයකරමින් මෙම ලැප්ටොප් පරිගණක ද්විත්වය එළි දැක්වීම, අන්තර්ජාලයඔස්සේ විශාල ප්‍රේක්ෂක පිරිසක් සහභාගි කර ගනිමින්  පැවැත්විණි.

ASUS Vivobook Pro 15 OLED, තරුණ නිර්මාණකරුවන්ගේනිර්මාණ හා ගවේෂණ ගමන් මගේ ප්‍රගතිය වැඩි කිරීමට මහෝපකාරීවන උපාංග වේ. ඔවුනට රිසි සේ අන්තර්ජාලය පරිහරණය කිරීමට,  නිර්මාණ කටයුත්තක නියැලීමට හෝ වීඩියෝ ක්‍රීඩා කිරීමට අවශ්‍යවුවද, එම දෘශ්‍ය නිර්මාණශීලීත්වය සඳහා අවශ්‍ය බලය මෙම උපාංගසතු වේ. මෙලෙස, මෙම නවතම උපාංග පරිශීලකයන් වෙත තිලිණරන්නේ, AMD Ryzen 9 5900HX CPU සමග මෙන්ම, ෘත්තීයමට්ටමේ උසස් NVIDIA GeForce RTX 3050 ග්‍රැෆික්ස් සහිතව,16GB දක්වා ධාරිතාවයෙන් යුත් DDR4 memory ය හා 1TB PCIe® SSD සහය කර ගනිමින්, අද්විතීය නිර්මාණශීලිත්වයක් පිරි නැමීමේ අරමුණිනි.

එමෙන්ම, පරිශීලකයින්ට MyASUS යෙදවුම ඔස්සේ අවශ්‍ය සිසිලනක්‍රමයක් තෝරා ගැනීමට හැකිවන පරිදි,  ASUS IceCool Plus තාක්ෂණය සමගින් එන  ඉතාමත් කාර්යක්ෂම වූ ද්විත්ව පංකාපද්ධතියක් ASUS භාවිතා කරයි. මෙම වැඩිදියුණු කළ සිසිලනපද්ධතිය, පරිශීලකයාට ඕනෑම තැනක ඕනෑම අවස්ථාවක ලැප්ටොප්පරිගණකය භාවිතා කිරීමට හැකි පරිදි උපරිම කාර්යය සාධනයක්පවත්වාගෙන යාම සඳහා උපාංගය සිසිල්ව පවතින බවට සහතිකකරයි. වඩාත් බලගතු 63Wh බැටරිය භාවිතයෙන් පරිශීලකයින් හටඅඛණ්ඩ නිර්මාණශීලීත්වයක් තිළිණ කිරීමට  එම ලැප්ටොප් සූදානම්ය.

නිර්මාණාත්මක කාර්යයන් පරිපූර්ණ කරමින්, සොබා දහමේ පවතිනවර්ණ ඒ ආකාරයෙන් තිරය මතට ගෙන ඒම සඳහා  ASUS OLED වෘත්තීය මට්ටමේ නිවැරදිභාවයෙන් යුක්තව වර්ණ ප්‍රතිනිර්මාණයකරයි.  සුපුරුදු 16:9 display එක   හා සසඳද්දී  16:10 display එකපුළුල් තිර අවකාශයක් පරිශීලකයින්ට එමගින් හිමි වේ. එමෙන්ම,84% ක  screen-to-body ratio පවතින බැවින් උපාංගය ඉතාමත්මදීප්තිමත් display එකකට හිමිකම් කියයි.  එමෙන් ම අතිශයින් මවිචිත්‍ර වර්ණ සඳහා සිනමාත්මක මාදිලියේ  100% DCI-P3 වර්ණgamut එකක්ද එහි භාවිත කෙරේ . තවද, මෙම උපාංගයන් වෙළෙඳ පොළ වෙත නිකුත් කෙරෙන්නේ වෘත්තීය වර්ණ නිරවද්‍යතාවයපිළිබඳව PANTONE® මගින්ද, නිල් ආලෝකය අඩුවෙන් විමෝචනයවීම වෙනුවෙන්  TÜV Rheinland වෙතින් ද වන සහතික සමගිනි.

නිර්මාණකරුවන් හට ධනාත්මක හා වෙනස් දෘෂ්ටියක් පිළිබිඹු කරනවර්ණ සමගින් සුවිශේෂී වෙනසක් කිරීමට හැකි පරිදි මෙම ලැප්ටොප්පරිගණක නිපදවා තිබීම විශේෂත්වයකි.  ඔවුනට සිය  ස්වකීය ආත්මකථනය පිළිබිඹු කෙරෙන Quiet Blue හෝ ජවසම්පන්න බව පිළිබිඹුකෙරෙන Cool Silver වර්ණවලින් මාදිලි තෝරා ගත හැකිය. නිර්මාණකාර්යයන් පහසු කරන අද්විතීය විශේෂාංග සමගින් මෙම උපංගද්විත්වයම නිර්මාණය කර තිබෙන්නේ, පරිශීලකයන් හට අඛණ්ඩකාර්යක්ෂමතාවක් පිරිනැමීම සඳහා ය.

උපාංගය සම්බන්ධ කෙරෙන Wifi 6 මගින් අන්තර්ජාලය වෙත ප්‍රවේශවීම වේගවත් කරන අතර, එය   ASUS WiFi SmartConnectඇතුළත් ASUS Wifi Master Premium තාක්ෂණය සමගින් වඩාත්උසස් සබඳතාවක් බවට පත් කර තිබේ. WiFi SmartConnect මගින්වඩාත් සුදුසු wifi සබඳතාව තෝරා ගන්නා බැවින් ලැප්ටොප් පරිගණකහොඳම wifi සංඥා  සමග මෙන්ම දුරකතන hotspots  සමගද කිසිදුඅවහිරයකින් තොරව සම්බන්ධ වේ.

මෙහි ඇතුළත් වෙබ් කැමරාව  පරිශීලකයින්ගේ පෞද්ගලිකත්වයසුරක්ෂිත වන පරිදි නිපදවා තිබීමද විශේෂත්වයකි. මුරපද  රහිතව ඊටප්‍රවේශ වීම සඳහා Windows  Hello සමග අසීමාන්තිකව ක්‍රියා කරනඇඟිලි සලකුණු සංවේදකයක්ද, power බට්න් එකෙහි පවතී.

පහසුවෙන් දත්ත ඇතුළත් කළ හැකි  NumberPad 2.0  උපාංගයඅඟල් 14 මාදිලියෙන් ද  ලබා ගැනීමට හැකිය.  එය සම්මත ප්‍රමාණයේtouchpad වෙනුවට ඇති LED මගින් ආලෝකවත් වන ද්විත්වක්‍රියාකාරී touchpad එකකි. ASUS මගින් වෙළෙඳපොළට නිකුත්කරඇති, ASUS Vivobook Pro 15 OLED M3500) මාදිලි දිවයින පුරාඅලෙවි ජාලය මගින් මිලදී ගත හැකිය. වැඩිදුර තොරතුරු සහඅන්තර්ජාලය මගින් මිලදී ගැනීමටhttps://www.asus.com/lk/content/Buy/ වෙත පිවිසෙන්න.