ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුමට අත්සන්කරයි

January 6, 2022 at 8:58 PM

ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධන ගිවිසුමට අද පස්වරුවේ අත්සන් තබා ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල පවසයි.

මුදල් අමාත්‍යංශ ලේකම්වරයා , ඉඩම් කොමසාරිස්වරයා , ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමේ නියෝජිතයන් , ලංකා ඉන්දියන් තෙල් සමාගමේ නියෝජිතයන් හා ලංකා ඛනිජ තෙල් සමාගමේ නියෝජිතයන් ඊට අත්සන් කර ඇත.

මේ යටතේ තෙල් ටැංකි 14ක් තවත් වසර 50කට ඉන්දීය තෙල් සමාගමට බදු පදනම යටතේ හිමිවේ. තවත් ටැංකි 24ක් ඛනිජතෙල් සංස්ථාව යටතට පැවරේ. ඉතිරි තෙල් ටැංකි ඒකාබද්ධව පාලනය වන්නේ මෑතකදී පිහිටුවන ලද ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම විසිනි.