කිරිපිටි හිඟය අවසන් වෙන දිනය

January 6, 2022 at 8:50 AM

වෙළඳපොල තුළ පවතින ආනයනික කිරි පිටි හිඟය මේ මස අවසානය වන තෙක් පවතිනු ඇති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළා.

ඩොලර් හිඟය මෙම තත්ත්වයට ප්‍රධාන හේතුව බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර කියා සිටියේ.

කෙසේ වෙතත්, මේ මස අවසානයේ හෝ පෙබරවාරි මස මුල කිරිපිටි රැගත් නෞකාවක් දිවයිනට ළඟා වන බව ඔහු සඳහන් කළා.

පසුගිය මස 31 වැනිදා සිට ආනයනික කිරිපිටි මිල ඉහළ නැංවීමට කිරිපිටි ආනයනකරුවන් පියවර ගත්තා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 150කින් සහ ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 60කින් ඉහළ දැමීමට පියවර ගැනුණා.

මේ වනවිට ආනයනික කිරිපිටි කිලෝවක් රුපියල් 1,345ක