අනවසර ඩ්‍රෝන යානාවක් නිසා ඉන්දීය යුවළකට දඬුවම්

January 6, 2022 at 7:59 PM

නිසි බලපත්‍රයක් නොමැතිව වැලිගම මුහුදු තීරයේ දී ඩ්‍රෝන යානාවක් ගුවන් ගත කර වීඩියෝ කළැයි වරද පිළිගනු ලැබූ ධනවත් ඉන්දීය ජාතික ව්‍යාපාරික තරුණ යුවළකට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද රුපියල් 50,000ක දඩයක් නියම කරනු ලැබුවා.

මෙම සැකකරුවන් දෙදෙනා මෙරටට පැමිණ ඇත්තේ මධුසමය ගත කිරිම සදහා බවත් ඔවුන්, වැලිගම මුහුදු තීරයේදී ඩ්‍රෝන යානාවක් ගුවන්ගතකර තම ඡායාරූප සහ දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් වැලිගම පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණා.

සිවිල් ගුවන් සේවා පනතේ 103 (03) වගන්තිය උල්ලංඝණය කළැයි සඳහන් කරමින් මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණේ වැලිගම පොලිසිය විසින්ය.