හිටපු ඇමතිගෙන් ඉදිරියට එන දුෂ්කර කාලෙට උපදෙස් 6ක්

January 5, 2022 at 2:12 PM

ඉදිරියේදී ඇතිවිය හැකි ආර්ථික ගැටළු සම්බන්ධයෙන් උපදෙස් 06ක් හිටපු අමාත්‍ය අජීත් පී. පෙරේරා විසින් සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර සිටිනවා.

හිටපු අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇති උපදෙස් පහතින් දැක්වේ :

ඉදිරියේ එන දුෂ්කර කාලයට, දේශපාලනයක් නැති උපදෙස් :-

1 රුපියල් වලින් ඉතුරු කරන්න එපා.

2 නැවත ඉහල මිලකට විකිණීමට හැකි දේ [පිළිගත් විදේශ මුදල්/ වටිනා ලෝහ ]පමණක් ඉතිරි කිරීම් වලින් මිලදී ගන්න.
3 ගෙවතු වගාව සැලසුම් සහගතව වහාම ආරම්භ කරන්න.
4 ඉඩකඩ ඇත්නම්, පොහොර එතරම් අවශ්‍ය නොවන කෘෂිකර්මික භෝග වානිජ වශයෙන් වගාකිරීමට යොමුවන්න.
5 දිගු කලක් ගබඩා කල හැකි වී සහ වෙනත් ධාන්‍යය, (පවුලේ අවශ්‍යතාවයට ගැලපෙන පරිදි ) හැකිතරම් මිලදි ගෙන ගබඩා කරගන්න.
6 සෑම විටම ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන දේ පමනක් මිලදී ගැනීමට උත්සාහ කරන්න.