රිය අනතුරුවලින් දින 08කදී පුද්ගල මරණ 98ක්

January 5, 2022 at 9:39 AM

මෙම වසරේ පළමු දින 3 තුළ වාර්තා වූ රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 44 දෙනෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසනවා.

මේ අතර පසුගිය වසරේ අවසන් දින 5 තුළ ද රිය අනතුරු හේතුවෙන් පුද්ගලයින් 53 දෙනෙකු මියගොස් ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව සඳහන් කර සිටියා.

රියැදුරන්ගේ නොසැලකිලිමත්භාවය අනතුරුවලට හේතුවී ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.