රාජ්‍ය සේවයට අළුතින් පනස්තුන්දහසක් ! වැටුප රු. 41000යි

January 5, 2022 at 4:14 PM

රාජ්‍ය සේවයේ පුහුණු උපාධිධාරීන් කෙස පසුගිය වසරේ බඳවාගත් 53000ක් පමණ අදියර තුනක් යටතේ ස්ථිර කිරීම ආරම්භ කර ඇත.

අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා පවසන්නේ වසරක පුහුණු කාලය අවසන් කළ සියලු දෙනා ස්ථිර කරන බවයි.

ඔවුන් සඳහා රුපියල් 31000ක මූලික වැටුපක් හිමිවන අතර දීමනා සමග එම වැටුප රුපියල් 41000ක් වන බවද අමාත්‍ය වරයා සඳහන් කළේ ය.

බඳවා ගත් කාල සීමාව අ නුව මෙම සියලු දෙනාට මාර්තු මාසය වනවිට ස්ථිර පත්වීම් හිමිවනු ඇත.