භානුක ගෙන් ලසිත් මාලිංග කළ ඉල්ලීම

January 5, 2022 at 1:21 PM

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවට සමුදීමට ගත් තීරණය ගැන නැවත වරක් සලකා බලන ලෙස යොවුන් ක්‍රීඩක භානුක රාජපක්ෂ ගෙන් හිටපු ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග ඉල්ලීමක් කර තිබෙනවා.

භානුක රාජපක්ෂ ක්‍රිකට් දිවියට සමුදීම සඳහා වන සිය ලිපිය මෙම සතිය ආරම්භයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත භාරදුන් බවයි වාර්තා වන්නේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හඳුන්වා දී ඇති නවතම ශාරීරක යෝග්‍යතා පරීක්ෂණ අනුව තමන්ට ඉදිරියේදී ක්‍රීඩා කිරීමට නොහැකි බවයි භානුක රාජපක්ෂ සිය ලිපියෙන් දන්වා ඇත්තේ.

භානුක රාජපක්ෂ ගේ තීරණය ගැන අදහස් දක්වමින් ලසිත් මාලිංග සඳහන් කරන්නේ භානුක හට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලබාදීමට ඇති දායකත්වය තවත් ඇති බවයි.

ජාත්‍යන්තර මට්ටමේ දී රට නියෝජනය කරමින් ක්‍රීඩා කිරීම පහසු කාර්යයක් නොවන බවත් එය සැබවින්ම අභියෝගවලින් යුක්ත බවයි ලසිත් මාලිංග සඳහන් කර සිටින්නේ.