ජනපති දළදා සමිඳුන් වැඳපුදා ගනී

January 5, 2022 at 12:37 PM

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන් වැඳපුදා ගත්තේය.

දළදා මාළිගාවට පැමිණ සිටි බැතිමතුන් සමගද ජනාධිපතිවරයා අදහස් හුවමාරු කර ගත්තේය.

ඡායාරූප ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ෆේස්බුක් පිටුවෙනි.