ඉන්දියාවෙන් නව බස් 500ක් මිලදී ගැනීමට අවසර හිමිවේ

January 4, 2022 at 12:32 PM

ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ආසන 32 නව බස්රථ 500ක් මිල දී ගැනීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා.

2020 වසරේ ජනවාරි මස 8 වනදා ඒ සඳහා අනුමැතිය හිමිව ඇති අතර, බස්රථ මිල දී ගැනීම සඳහා පූර්ව සුදුසුකම් සපුරන ලද ආයතන 3කින් ලංසු කැඳවා ඇත.

ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශය පදිරි එම බස්රථ මිලදී ගැනීමේ ප්‍රසම්පාදනය ඉන්දියාවේ අශෝක් ලේලන්ඩ් සමාගම වෙත ලබාදීමට ද ප්‍රවාහන අමාත්‍යවරිය විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.