patpat.lk ශ්‍රී ලංකාවේ ලොකුම online search එකබවට පත්වෙයි

December 23, 2021 at 2:59 PM

කොළඹ, 2021 දෙසැම්බර් 22 patpat.lk වෙබ් අඩවිය සහ හරහාපිරිනමන සේවාවන් වැඩිදියුණු කිරීමත් සමග එය මේ වනවිට මෙරටඑදිනෙදා ජීවන රටාවන්ට අදාළ “ ශ්‍රී ලංකාවේ ලොකුම online search එක බවට පත්වී තිබේ.

පාරිභෝගිකයන්ට දැන් එම වෙබ් අඩවිය ඔස්සේරථවාහන, වෙළඳපොළ, දේපළ, අධ්‍යාපන සහ විවේක යන ප්‍රධාන කාණ්ඩ 5 යන යටතේ දැන්වීම් පළකිරීම හා පරීක්ෂා කිරීම සිදුකළ හැකි අතර, දැනටමත් දැන්වීම් 100,000 කට අධික සංඛ්‍යාවක් හි පළකර ඇත.

patpat.lk එක් විශේෂත්වයක් වන්නේ, එහි අලෙවිය සඳහා පළකර ඇතිඕනෑම නිෂ්පාදනයක් හෝ සේවාවක් සමග, සඳහා ලබාගත හැකි මූල්‍යපහසුකම් පිළිබඳ තොරතුරුද පළකර තිබීම . එම නිසා පාරිභෝගිකයන්ටඉතාමත් පහසුවෙන් වාහන කල්බදු, දේපළ ණය, අධ්‍යාප ණය, පුද්ගලිකණය සහ ක්‍රෙඩිට් කාඩ්පත් වැනි සේවාවන් සඳහා වෙබ් අඩවිය ඔස්සේමඅයදුම් කළ හැකි වේ. එලෙස අයදුම්පත් යොමුකිරීමෙන් අනතුරුව, විනාඩි15 ක් වැනි කෙටි කාලයක් ඇතුළත අදාළ අයදුම්කරු සමග සම්බන්ධ වීමටpatpat.lk කණ්ඩායම කටයුතු කරනු ඇත.

නව මුහුණුවරක් සමගින්, වඩාත්පහසුවෙන් භාවිතා කළ හැකි පරිදි වැඩිදියුණු කර ඇති patpat.lk වෙබ්අඩවිය පාරිභෝගිකයන්ට මෙන්ම අලෙවිකරුවන්ටද ප්‍රතිලාභ රැසක් සලසයි.

ඉලෙක්ට්‍රොනික උපාංග, ඇඳුම් පැළඳුම්, ආහාර පාන, ග්‍රොසරි භාණ්ඩ ඇතුළුකාණ්ඩ 100 කට අධික සංඛ්‍යාවක් යටතේ patpat.lk හි දැන්වීම් පළකරතිබේ. නිෂ්පාදන හා සේවාවන් සම්බන්ධ ඕනෑම ආකාරයේ සහයෝගයක්සඳහා WhatsApp හෝ Viber ඔස්සේ අලෙවිකරුවන් සම්බන්ධකරගැනීමට ගැනුම්කරුවන්ට හැකියාව ඇත. ශ්‍රී ලංකාවේ ක්ෂුද්‍ර, සුළු හාමධ්‍යම පරිමාණ ව්‍යාපාර ක්ෂේත්‍රය ශක්තිමත් කිරීමේ අරමුණින් ‘Made in Sri Lanka’ කාණ්ඩය යටතේ දේශීය නිෂ්පාදකයන් හා ව්‍යවසකයන්ටප්‍රමුඛත්වය ලබාදීමටද patpat.lk කටයුතු කර ඇති අතර, භාණ්ඩවිකිණීමේදී අලෙවිකරුවන්ගෙන් කිසිදු ගාස්තුවක් හෝ කොමිස් මුදලක් අයනොකෙරේ.

Marketplace, vehicle, property වැනි ප්‍රධාන කාණ්ඩ යටතේ තවත්අනුකාණ්ඩ රැසකට අදාළව patpat.lk හි දැන්වීම් පළකර තිබේ. අතේ ඇතිමුදල සහ දැරිය හැකි මාසික වාරිකය යනාදී සාධක අනුව රථවාහනදැන්වීම් පරීක්ෂා කිරීමට ගැනුම්කරුවන්ට පහසුකම් සලසා දී ඇත. Education ප්‍රධාන කාණ්ඩය යටතේ විවිධ විෂය ක්ෂේත්‍රයන්ට අදාළවපිළිගත් ආයතන මගින් පිරිනමනු ලබන ප්‍රථම උපාධි, පශ්චාත් උපාධි, ඩිප්ලෝමා සහ වෘත්තීය  පාඨමාලා ආදිය සම්බන්ධ දැන්වීම් මෙහි පළකරතිබේ. Leisure කාණ්ඩය යටතේ රටපුරා විවිධාර හෝටල් හා සංචාරපැකේජ ආදිය පිළිබඳ දැන්වීම් පරීක්ෂා කළ හැක.

පාරිභෝගික අදහස් හා ප්‍රතිචාර සැලකිල්ලට ගනිමින් patpat.lk වෙබ්අඩවියේ වැඩිදියුණු කිරීම් සිදුකර ඇති අතර, මූලික කාණ්ඩ 5 පිළිබඳසංක්ෂිප්ත විස්තර එක් පිටුවක ලබා දී ඇති නිසා වෙබ් අඩවිය භාවිතා කිරීමවඩාත් පහසු වී තිබේ. පාරිභෝගිකයන්ට අවශ්‍ය නම් සෘජුවම මුල් පිටුවතුළින්ම මූල්‍ය පහසුකම් සඳහා අයදුම් කළ හැක. නිතර දැන්වීම් පළකරනඅලෙවිකරුවන් වෙනුවෙන් ප්‍රතිලාභ රාශියක් සහිත, කිසිදු ගාස්තුවකින් තොරසමාජිකත්ව ක්‍රමයක් හඳුන්වා දීමටද patpat.lk පියවර ගෙන තිබේ. විකිණුම්කරුවන්ට වෙන්වූ විශේෂ පිටු තුළදී ඔවුන්ට අවශ්‍ය නම්, තමන්අලෙවි කරන භාණ්ඩ පිළිබඳ වැඩිදුර විස්තර ගැනුම්කරුවන් වෙත ලබාදීමේහැකියාව ඇත.

iOS සහ Android මෙහෙයුම් පද්ධති සමග භාවිතා කළ හැකි ජංගමයෙදුම (Mobile app) ඔස්සේ අලෙවිකරුවන්ට patpat.lk සමග සම්බන්ධවිය හැකි වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.patpat.lk වෙබ් අඩවියතුළින් හෝ 0117 449 999 අංකය ඇමතීමෙන් ලබාගත හැක.

මුළුමනින්ම ශ්‍රී ලාංකික වෙබ් අඩවියක් ලෙස, ශ්‍රී ලාංකිකයන්ගේඅවශ්‍යතාවන්ට ගැළපෙන පරිදි නිර්මාණය කරන ලද patpat.lk 2021 BestWeb.lk  සම්මාන උළෙලේදී රන් සම්මානයකින්ද, 2018/2019 SLT Zero One සම්මාන උළෙලේදී Best Digital-Enabled Product/Serviceකාණ්ඩයේ සම්මානයෙන්ද, 2019 Effie Awards Sri Lanka වැඩසටහනේදීමූල්‍ය කාණ්ඩයේ රන් සම්මානයෙන්ද පිදුම් ලැබී .