මෙරට ඔමික්‍රෝන් ආසාදිතයින් ගැන තවත් තොරතුරු හෙළිවෙයි

December 17, 2021 at 10:11 AM

ඊයේ දිනයේදී හඳුනා ගනු ලැබූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනයවූ කොවිඩ් රෝගීන් තිදෙනාගෙන් එක් අයෙකු මෙරටින් පළමු වරට හඳුනා ගනු ලැබූ ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ රෝගියාගේ සමීප ආශ්‍රිතයෙක් බව නියෝජ්‍ය සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත හේරත් පවසනවා.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්,

“PCR වලින් සියලු රෝගීන් හොයන්න බෑ පරීක්ෂණවලින් සියලු දෙනා හොයන්නත් බෑ ලංකාවට එන සියලු දෙනා PCR කරල ඇවිල්ල ත් හමුවෙන්නෙ නෑ වෙනත් රට වලටත් එසේ වෙලා තිබෙනවා මේක එන එක ප්‍රායෝගිකව නවත්වන්න බෑ සමහර විට අසු නොවී එන්න පුළුවන්.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත මාර්ග උපදෙස් අනුව අපි කටයුතු කළේ ඔමික්රෝන් හොයන්න ගියොත් ලංකාවට එන හැමෝම ජාන පරික්ෂා කරන්න ඕන දැන් අපි දන්නවා එක පුද්ගලයකුට වැඩියෙන් හම්බ වෙලා තියෙනවා කියලා රට ඇතුළට එන එක විද්‍යාත්මකව නවත්තන්න බෑ වේගයෙන් පැතිරෙන බවත් දන්නවා එමනිසා මේ වළක්වා ගැනීමට සියලු දෙනා සහාය දිය යුතුයි.

පැමිණි පුද්ගලයාගේ ආශ්‍රිතයෙන් සොයන කටයුතු සිදුකරනවා එසේ හමු වුණොත් කියන්න තියෙන්නෙ රෝගය පැතිරී අවසන් කියලා මේ වන විට ඔහු පිටව ගොස් තිබෙනවා ගුවන්තොටුපළේ කරගෙන යන ක්‍රියාවලිය අනුව තමයි හඳුනාගනු ලැබුවේ.

මත්පැන් සාද වල මෙම රෝගය පැතිරෙනවා කියා මාර්ගඋපදේශ වලින් එම වාක්‍ය ඉවත් කරනවා කියන්නේ අවසර දෙනවා කියන එක නෙවෙයි නීතියෙන් නොව තමන් විසින් මත්පැන් වලින් ඉවත් විය යුතුයි.

ඔමික්රෝන් ආසාදිතයකු ඇසුරේ දී අපිට රෝග වළක්වා ගැනීමට මූලික සෞඛ්‍යය මාර්ග උපදෙස් අනුගමනය කළ යුතුයි මුව ආවරණය අත සේදීම දුරස්ථ පරතරය තබා ගැනීම සිදුකළ යුතුයි.

ඊයේ සොයා ගනු ලැබූ තිදෙනා අතර පළමු ආසාදිතයා ගේ ආශ්‍රිතය කුද සිටින අතර තුන් වන මාත්‍රාව ලබා ගැනීම වැදගත් වෙනවා මෙම අවස්ථාවේදී” විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ප්‍රකාශ් කර සිටියා.